Make the most of your public holidays with us!
Start Planning
ශ්රී ලංකාව
ප්‍රසිද්ධ නිවාඩු

2017 වර්ෂ වල ප්‍රසිද‍‍්ධ නිවාඩු

2017 වර්ෂ වල ප්‍රසිද‍‍්ධ නිවාඩු ලැයිස‍‍්තුව අප සතුව ඇත. කරුණාකර පාලන බොත්තම පහළට දමන්න.

ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස හැදින්වුව ද , ජනගහනයෙන් සියයට 70 පමණ බෞද්ධයෝ වෙති. හින්දු සහ ඉස්ලාම් භක්තිකයින් රටේ ප්‍රදේශ කීපයක් නියෝජනය කරයි.

ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු ලෙස හඳුන්වන ප්‍රසිද්ධ නිවාඩුවලින් බහුතරයක් පදනම වී ඇත්තේ බු.ව.29 සිට පැවත එන බෞද්ධ සංස්කෘතික හා සාම්ප්‍රදායික දිනයන්ය. ශ්‍රී ලංකාවේ නව වසරේ ප්‍රසිද්ධ නිවාඩු දින ලෙස නබිනායක තුමාගේ උපන්දිනය; තෛපොංගල් දිනය; නිදහස් දිනය; මහා ශිවරාත්‍රිය; සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය; කම්කරු දිනය;රාමසාන් දිනය,(උපවාස කාලය අවසානයේ උත්සව ශ්‍රියෙන් සමරයි); හජ්ජි උත්සවය සහ නත්තල් දිනය ඇතුලත්ය.

ජාතික හා ප්‍රාදේශිය උත්සව සැමරිමට , නිවාඩු ලබාගැනීමට අවසර  දී තිබේ. මෙම උත්සව දිනයන් රාජකාරී ප්‍රසිද්ද නිවාඩු දිනයන් ලෙස නොසැළකෙන්නේන්නම් මේ සඳහා  නිවාඩු ලබාදීම සේවායෝජකයාගේ අභිමතය පරිදි සිදු වේ. එමෙන්ම සෑම පසළොස්වක පෝය දිනයක් ම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්ලෙස සලකයි.

ශ්‍රී ලංකාවේ සෑම සේවකයකුටම පසළොස්වක පෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයකි. වර්ෂයකට පෝය නිවාඩු දින 12ක් ඇත. යම් සේවකයකු පෝය නිවාඩු දිනයේ වැඩ කිරීම අවශ්‍ය නම් ඔහු හෝ ඇය සාමාන්‍ය දිනකවැටුප මෙන් 1 1/2 කට නොඅඩු දීමනාවකට හිමිකම් ලබයි. මීට අමතරව වැටුප් සහිත වෙනත් උත්සව නිවාඩු දිනයන් සාමාන්‍යයෙන් වර්ෂයකට 16 ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය

2013 දී යාවත්කාලීන කරන ලද කම්කරු නීතිය පාලනය කරනු ලබන්නේ කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශයයි. රජයේ සහ පෞද්ගළික යන අංශ දෙකටම කම්කරුනීතිය අදාලවේ. කම්කරු රෙගුලාසියට අනුව දිනක සේවා කාලය පැය 8 කට හෝ සතියක සේවා කාලය පැය 45 කට හෝ නොවැඩිවිය යුතුය. යම් සේවකයකු සාමාන්‍ය සේවා කාලය ඉක්මවා වැඩ කළහොත්, සාමාන්‍ය වැටුප මෙන් 1 1/2ක අතිකාල දීමනාවකට හිමිකම් ලබයි. එමෙන්ම සේවකයින්ට සතියකට දින 1 1/2ක විවේකයක් හිමිවේ. සාමාන්‍යයෙන් විවේක දිනය වන්නේ ඉරිදා දිනයයි. නමුත් සමහර හේතු නිසා සේවායෝජකයාගේ සහ සේවකයාගේ එකඟතාවය මත විවේකී දිනය වෙනස් විය හැක. ආගමික උත්සවවලට සහභාගීවීම සඳහා, බොහෝ බෞද්ධ සේවකයෝ විවේක දිනය ලෙස විශේෂ දිනයන් තෝරා ගනිති.

2017 – ප්‍රසිද්ධ නිවාඩු

දිනයදවසනිවාඩු දිනය
12 ජනවාරිබ්‍රහස්පතින්දාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
14 ජනවාරිසෙනසුරාදා තෛපොංගල් දිනය
4 පෙබරවාරි සෙනසුරාදා නිදහස් දිනය
10 පෙබරවාරිසිකුරාදානවම් පුර පසළොස්වක පෝය දිනය
24 පෙබරවාරිසිකුරාදාමහා ශිව රාත්‍රී දිනය
12 මාර්තුඉරිදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
10 අප්‍රේල්සඳුදා බක් පුර පසළොස්වක පෝය දිනය
13 අප්‍රේල්බ්‍රහස්පතින්දාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්සිකුරාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
14 අප්‍රේල්සිකුරාදාමහ සිකුරාදා දිනය
1 මැයි සඳුදා මැයි දිනය
10 මැයිබදාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
11 මැයිබ්‍රහස්පතින්දාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
8 ජූනිබ්‍රහස්පතින්දාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
26 ජූනිසඳුදා රාමසාන් උත්සව දිනය
8 ජූලිසෙනසුරාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය
7 අගෝස්තුසඳුදා නිකිනි පුර පසළොස්වක පෝය දිනය
1 සැප්තැම්බර් සිකුරාදාහජ්ජිඋත්සව දිනය
5 සැප්තැම්බර් අඟහරුවාදාබිනර පුර පසළොස්වක පෝය දිනය
5 ඔක්තෝබර්බ්‍රහස්පතින්දාවප් පුර පසළොස්වක පෝය දිනය
18 ඔක්තෝබර්බදාදාදීපවාලී උත්සව දිනය
3 නොවැම්බර් සිකුරාදාඉල් පුර පසළොස්වක පෝය දිනය
1 දෙසැම්බර් සිකුරාදානබිනායක තුමාගේ උපන්දිනය
3 දෙසැම්බර්ඉරිදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
25 දෙසැම්බර් සඳුදා නත්තල් දිනය
Web Analytics