තෛපොංගල් දිනය 2027 සහ 2028
දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය තෛපොංගල් ලෙස හඳුන්වයි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම සඳහා මෙම උත්සවය පවත්වයි.
තෛපොංගල් දිනය 2027දී සිකුරාදා, ජනවාරි 15 වනදා වේ. 2028දී එම දිනය සිකුරාදා, ජනවාරි 14 වනදාට යෙදේ.
| අවුරුදු | දිනය | දවස | නිවාඩු දිනය |
|---|---|---|---|
| 2027 | 15 ජනවාරි | සිකුරාදා | තෛපොංගල් දිනය |
| 2028 | 14 ජනවාරි | සිකුරාදා | තෛපොංගල් දිනය |
| පෙර වර්ෂවල දිනයන් සඳහා කරුණාකර පිටුවේ පහළට අනුචලනය කරන්න. | |||
වසර දහසක පමන අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පැවත එන දමිළ උත්සව වලින් එකක් වන මෙම උත්සවයේදී විශාල භෝජන සංග්‍රහ පැවැත්වීම, නෑදෑයන් බලන්නට යෑම, තෑගි භෝග හුවමාරුවද සිදුවේ.
බොහෝ ශ්‍රී ලාංකිකයින් තෛපොංගල් උත්සවය දින දෙකක් තුල පවත්වයි. පළමුදිනයේ ඉතා ප්‍රණීත බතක් සකස් කර හිරු දෙවියන් සඳහා කොටසක් වෙන් කර ඉතිරිය පවුලේ සාමාජිකයින් විසින් අනුභව කරයි. කිරි යොදා සකස් කරන මෙම බතට, කුළුබඩු, වියළි මිදි, කජු, සහ වෙනත් රසකාරකද යොදා ගනු ලැබේ. මෙම බත නිවසින් පිටතදී හිරු එළිය ඇති තැනක පිසගත යුතුය. එය සාමාන්‍යයෙන් දොරකඩ හෝ මිදුලේ සිදු කරයි. බත පිසීමට ගන්නා මැටි මුට්ටිය, වර්ණවත් රටා වලින් සරසයි. මෙම බත කෙසෙල්කොල වලට බෙදා පිළිගන්වන අතර ඒ නිසා වඩාත් ප්‍රණීත සහ සුවඳවත් බවක් ඇති වේ.
බත ඉතිරීම ආරම්භ වීමත් සමඟම “ සංඟු “ නලා නාද කරන අතර සෙස්සෝ ” පොංගලෝ පොංගල් ” යනුවෙන් කෑ ගසමින් කිරි ඉතිරෙන බව හඟවයි. එමෙන්ම ඔවුන්, “තායි පිරන්දල් වාසිපිරක්කුම්” යනුවෙන් ගායනා කරයි. එහි අදහස, ” ජනවාරි මාසය ඇරඹුනා නව අවස්තා වලට මඟ පෑදුනා” යන්නයි.
උත්සවයේ දෙවන දිනයේදී කුඹූරු වැඩට උදවු කල ගවයින්ට සත්කාර කරයි. කිරි හා පොහොර සපයමින් ගව දෙනුන් ද ශ්‍රී ලංකාවේ සමෘධියට දායක වෙයි. බර ඇදීමට ද ඔවුන් යොදා ගනු ලබයි. මෙම එළ ගවයින්ගේ දිනයේදී, සතුන් නාවා පිරිසිදු කර විසිතුරු මල් මාලා වලින් ඔවුන් ගේ ගෙළ සහ අං සරසයි. ගොනුන් ගේ නළලේ හා අං වල විසිතුරු වර්ණ වලින් තිත් ඇඳ සරසයි.
රාත්‍රී ආහාරය ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික මුළුතැන්ගෙය තුල පිළියෙල කරයි. මෙහිදී පොංගල් බතට අමතරව කුකුළු මස්, එළුමස් හෝ වෙනත් මස් වර්ගයක් එළවළු සහ පළතුරු අච්චාරු, කොකිස්, වටලප්පම්, තලගුළි, කිරිටොෆි, වැනි ආහාර සහ අතුරුපස ආදිය තමන් කැමැති ආකාරයෙන් එකතුකර ගනී.
පසුගිය වසර
| අවුරුදු | දිනය | දවස | නිවාඩු දිනය |
|---|---|---|---|
| 2026 | 15 ජනවාරි | බ්‍රහස්පතින්දා | තෛපොංගල් දිනය |
| 2025 | 14 ජනවාරි | අඟහරුවාදා | තෛපොංගල් දිනය |
