ශ්‍රී ලංකා

සිංහල හින්ඳු අළුත් අවුරුද්ද 2026, 2027 සහ 2028

සිංහල හින්ඳු අළුත් අවුරුද්ද(අවුරුදු/පුත්තාන්ඩු) ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකි.එය සෑම අප්‍රේල් මාසයකදී ම සමරයි.

සිංහල හින්ඳු අළුත් අවුරුද්ද 2027දී බදාදා, අප්‍රේල් 14 වනදා වේ. 2028දී එම දිනය සිකුරාදා, අප්‍රේල් 14 වනදාට යෙදේ.

අවුරුදුදිනයදවසනිවාඩු දිනය
202613 අප්‍රේල්සඳුදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්අඟහරුවාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
202713 අප්‍රේල්අඟහරුවාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්බදාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
202813 අප්‍රේල්බ්‍රහස්පතින්දාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්සිකුරාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
පෙර වර්ෂවල දිනයන් සඳහා කරුණාකර පිටුවේ පහළට අනුචලනය කරන්න.

අළුත් අවුරුදු උත්සවය විශාල උත්සවයකි. එය සිංහල බොද්ධයින් සහ දෙමළ හින්දු යන ජනවර්ග දෙකම සමරයි. මෙම වාර්ෂික කටයුත්තේදී ; ආගමික උත්සව,පවුලේ ක්‍රියාකාරකම්,සාම්ප්‍රදායික ආහාරපාන, වර්ණවත් සැරසිලි සහ අසල්වැසියන් සමඟ සාමූහිකත්වෙයන් කටයුතු  කිරීම ආදිය  දැකිය හැක. මෙම වැදගත් ජාතික උත්සවය; සිංහලෙන්  අවුරුදු ලෙස ද දෙමළෙන් පුත්තාන්ඩු ලෙස ද හඳුන්වන අතර වෙනත් ජාතීන් එය සමරන්නේ නැත. මෙය ශ්‍රී ලාංකිකයින්ට පමණක් අනන්‍ය වුවකි.

සිංහල අවුරුදු

සිංහල දින දර්ශණයක, තාරකා විද්‍යාත්මකව හිරුගේ සංක්‍රමණය සිදු වන වේලාවට අනුව මේ අවුරුදු  (බක්) දිනය  පෙන්නුම් කරයි. සංස්කෘත භාෂාවෙන් භාග්‍යය හෙවත් වාසනාව යන අරුත බක් යනුවෙන් ගෙන ඇත. අවුරුදු යනු කෘෂිකාර්මික ප්‍රජාවගේ මූළික අස්වනු මංගල්‍යය නිසා බක් යන වචනය මෙයට බෙහෙවින් සුදුසුය. මහා අස්වැන්න, භූමියට තුති පුදමින් භූක්ති විඳීමට ඉඩ සලසයි.

අළුත් අවුරුද්ද හා සබැඳුනු බොහෝ සිරිත් අතර පරණ අවුරුද්ද සඳහා ස්නානය සඳ බැලීමද ඇත. විනෝදකාමී රබන් හඬ සමඟ විහාරයෙන් එන ඝණ්ඨා නාදයද එක් වේ. දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක් දී ගෞරව කරයි. බුලත් යනු දේශීයවවැවෙන සදා හරිත වැල් විශේෂයක පත්‍ර වේ.ගෞරව කිරීමේ සහ කළ ගුණ සැලකීමේ චාරිත්‍රයක් ලෙස මේවා පිළිගන්වයි. සිංහල හා හින්ඳු අළුත් අවුරුද්දේ විශේෂ අංගයක් වන්නේ පරණ අවුරුද්දසහ අළුත් අවුරුද්ද අතර කාලය නොනගතය ලෙස හැඳින්වීමයි. මෙම නොනගත කාලයේදී මිනිසුන් සියළු වැඩපල අත් හැර ආගමික කටයුතු වල නිරතවේ. මෙම නොනගත කාලය, පුන්‍ය කාලය ලෙසද හඳුන්වන අතර අවුරද්දට පෙර කාලය යන්න ඉන් අදහස් වේ.

අවුරුදු වේලාවේදී ගෙවී යන පරණ අවුරුද්දට කෘතඥ පූර්වකව සමු දීමත් එලැඹෙන නව වසර හරසරින් පිළිගැණීමත් සිදුවේ. ගෘහණියෝ තම නිවෙස් පිරිසිදුකර දේශීය ආහාර සහ කොකිස් අග්ගලා පෙරටු කර ගත්රස කැවිළිද සකස් කරති. ගමේ පූජකවරයා විසින් සකස් කරන ඹෞෂධ හිස ගල්වා (හිසතෙල්ගෑම)ස්නානය කිරීම මගින් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරති. තවත් සිරිතක් වන්නේ නෑ හිතවතුන් බැලීමට යාම හා බුලත් හුරුළු දී ඔවුන්ට ගරු කිරීමයි. අළුත් අවුරුද්දේදී කැපී පෙනෙන තවත් අංග වන්නේ ඔළිඳ කෙළිය,මෙවර කෙළිය වැනි ජන ක්‍රීඩා සහ අවුරුදු කුමරාගේ සම්ප්‍රාප්තිය අවුරුදු කුමාරයා හෙවත් නව වසර පිළිගැනීම සංකේතවත් කරමින් ඉස්තරම් ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටීමයි.

දෙමළ අළුත් අවුරුද්ද

දෙමළ පුත්තාන්ඩු සැමරීමේ දීපවත් වන සාම්ප්‍රදායික දෙමළ හින්ඳු සිරිත් විරිත් තිබේ. කාන්තාවන් තමන්ගේ නිවෙස් පිරිසිඳු කර මෙම කාල සීමාවේදී විශේෂ කෑම වර්ගද සකස් කරයි. කෝවිලේ පූජකයෝ, ඹෟෂධීය පැළෑටි, පිරිසිඳු ජලය සමඟ කිරි ,කහ, මල්වර්ග, කොළ වර්ග හා තෝරා ගත් වෙනත් අමුද්‍රව්‍ය තම්බා, කෂාය ලෙස හඳුන්වන ද්‍රවයක් සකස් කරයි. මේවා සාම්ප්‍රදායික හිස තෙල් ගෑමේ උත්තවයේදී පවුලේ සියළුම සාමාජිකයන්ගේ හිස් වල ගල්වා ස්නානය කරයි. විශේෂ වර්ණ වලින් යුත් අළුත් ඇඳුම් අළුත් අවුරුදු උත්සවය තව දුරටත් අර්තවත් කරයි. හකුරු,කජු, ගිතෙල්, වියළි මිදි යෙදූ ප්‍රණීත කිරිබතක් ආදරයෙන් සකස් කරති.

පිරිසිඳු කිරීමෙන් පසු කහ වතුර සහ ගොම මිශ්‍රනයක් දොරකඩ ඉසීමෙන් පසු විශේෂ රටාවන් සකසනු ලබයි.  පොංගල් නමින්  හඳුන්වන මිශ්‍රනයක් අළුත් මුට්ටියක සකස්කර පොල් තෙල් පහන් දල්වමින් අළුත් අවුරුදු උදාව සමරයි. ගෘහ මූලිකයා විසින් වාරිත්‍රානුකූලව තෝරා ගත් ආහාර හිරු දෙවියන්ට සහ ගණ දෙවියන්ට පූජා කරයි. පූජා නමින් හඳුන්වන චාරිත්‍රානුකූල වතාවත් පවත්වයි. වාර්ෂික උත්සවයේ කොටසක් ලෙස සාම්බ්‍රානි පිළිස්සීම හා ගෘහ මූලිකයා විසින් පොල් ගැසීමද සිදු කරයි. අවසානයේදී දරුවෝ වැඩිමහල් අයට වඳින අතර වැඩිහිටියෝ ඔවුන්ට ආශිර්වාද කරති.
පුත්තාන්ඩු උත්සවයේදි හින්ඳු භක්තිකයෝ නිතරම කෝවිල් යති. සමාජයේ සිටින දුප්පතුන්ට සුපුරුදු ලෙස දන් දෙති. ගෘහ මූලිකයා විසින් පවුලේ සාමාජිකයන්ට මුදල් බුලත් මල් සහ නව වසරට සුභපැතුම් ලබා දෙයි. අපේක්ෂිත අස්වැන්න ලැබීම සංකේතවත් කරමින් භූමිය උදෙසා විශාල පුද පූජා පවත්වයි. නව වසරේ සමෘධිය ලැබීම සංකේතවත් කරමින් ව්‍යාපාරිකයෝ නව  බැංකු ගිණුම් අරඹන අතර ගුරුවරුන් නව පාඩම් අරඹයි.

සිංහල බෞද්ධයින් බහුතරයක් මෙන්ම දෙමළ හින්දූන්ද අවුරුදු උත්සව සමයේදී පවුලේ, මිතුරන්ගේ හා ප්‍රජාවගේ වැදගත්කම අවධාරනය කරයි. අවුරදු හා පුත්තාන්ඩු උත්සවය හා බැඳී ඇති චාරිත්‍ර හා සම්ප්‍රදායන් පරම්පරා ගණනාවක සිට පැවත එන ඒවා බව නිරීක්ෂණය කල හැකිය. මේ උත්සවය, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය, අර්ධ නාගරික සහ නාගරික ප්‍රජාවගේ පවුලේ සමගිය හා කෘතගුණ සැළකීම වැනි සාරධර්ම වැඩි දියුණු කරයි.

පසුගිය වසර

අවුරුදුදිනයදවසනිවාඩු දිනය
202513 අප්‍රේල්ඉරිදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
14 අප්‍රේල්සඳුදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනය
202412 අප්‍රේල්සිකුරාදාසිංහල දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
13 අප්‍රේල්සෙනසුරාදා සිංහල දෙමළ අළුත් අවුරුදු දිනය