Start Planning
ජාතික දිනය

ජාතික දිනය 2025, 2026 සහ 2027

ජාතික දිනය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නිසා ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ජාතියේ ස්වෛරීත්වය සහ ඉතිහාසය සැමරීමට ඉඩ ලැබේ.

අවුරුදුදිනයදවසනිවාඩු දිනය
20254 පෙබරවාරිඅඟහරුවාදානිදහස් දිනය
20264 පෙබරවාරිබදාදානිදහස් දිනය
20274 පෙබරවාරිබ්‍රහස්පතින්දානිදහස් දිනය
පෙර වර්ෂවල දිනයන් සඳහා කරුණාකර පිටුවේ පහළට අනුචලනය කරන්න.

ශ්‍රී ලංකාවේ ජාතික දිනය, එක්සත් රාජධානිය සහ ග්‍රීසිය වැනි රටවල නිදහස් දින සැමරුම් උත්සව වලට සමාන වුවත් ආවේනික තත්වයන් සමහරක්ද පවතී. ශ්‍රී ලංකාවේ ජාතික දිනය, දේශප්‍රේමී සහ සංස්කෘතික වටිනාකම් අගයන නිවාඩු දිනයකි. සෑම වර්ෂයකම පෙබරවාරි 04 වැනිදා ජාති කදිනය සැමරේ.

ඉතිහාසය

  • 16 වැනි සියවසේ යටත්විජිත භාවය

16 වැනි සියවස තරම් අතීතයේ සිට, ලොව පුරා ජාතීන්ගේ ආර්ථික සාර්ථකත්වය බෙහෙවින් රඳා පැවතුනේ යටත් විජිතයන් මතයි. මෙහි ප්‍රතිපලයක් ලෙස පෘතුගාලය සහ නෙදර්ලන්තය වැනි රටවල්ඔ වුන්ගේ බලය අග්නිදිග ආසියාව කරා පැතිරවීමට උත්සාහ කලා. මෙම යටත්විජිත ව්‍යාපාරය තුල පෘතුගීසීන්, සම්පත් වලින් පොහොසත් දිවයින් තුල ජනතාව ස්තාපිත කලා .අවසානයේ දී ශ්‍රී ලංකාව වැනි දුපත් ලෝකයා හඳුනා ගත්තා. මේ දිවයිනේ ඇති සම්පත් වලින් බොහෝ ධනය ඉපැයිය හැකි බව පෘතුගීසීන් දැන සිටියා .මේ හේතුවෙන් පෘතුගීසීන්ගේ ව්‍යාපාරික අවධානය ශ්‍රී ලංකාවේ යටත් විජිත ප්‍රදේශ වෙත යොමු විය. මේ අතර ලන්දේසීන්ටද ශ්‍රී ලංකාවේ යෝග්‍යතාවය ගෑන ඇසීමට ලැබීණි . පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර ශ්‍රී ලංකාවේ පාලනය පිළීබඳ තරඟයක් පැවතිනි.

  • ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වීම

පෘතුගාලය සහ නෙදර්ලන්තය ශ්‍රී ලංකාව යටත් කර ගත්තාට පසුව, මහා බ්‍රිතාන්‍යය සිය බලය අග්නිදිග ආසියාව කරා පැතිරවීම ආරම්භ කලා. 1796 දී බ්‍රිතාන්‍ය සමාගමක් ශ්‍රී ලංකාව තුල යටත් විජිතයක් ස්ථාපිත කලේය. අවසානයේ දී ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයට පත් විය. බලවත් ආර්ථික සහ හමුදා ශක්තියක් ඇති මහා බ්‍රිතාන්‍යය පෘතුගීසි හා ලන්දේසි ප්‍රතිවාදීන් මෙල්ල කලේය. 1810 වන විට  මුළු දිවයිනේම පාලනය මහා බ්‍රිතාන්‍යය අතට පත් විය. බ්‍රිතාන්‍යය මෙම දිවයින “සිලෝන්” ලෙස නම් කරන ලදී. බ්‍රිතාන්‍ය පාලන කාළයේදී  ශ්‍රී ලංකා වේ සමීපත්, ජනතාව  හා භූමිය බ්‍රිතාන්‍ය සමාගම් වල නිෂ්පාදන ධාරිතාව වැඩි කරගැනීමට යොදා ගන්නා  ලදී

  • ශ්‍රි ලංකාවේ නිදහස්  ව්‍යාපාරය

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය දිනාගැනීමේ අරමුනින්, ශ්‍රී ලාංකීය මධ්‍යම පාන්තිකයින් වසර 30 ක පමණ කාළයකසි ට සාමකමි අරගලයක නිරත විය. ශ්‍රී ලංකා නිදහස් ව්‍යාපාරය අතරතුර රජයේ නිලධාරින්ට පෙත්සමක් ඉදිරිපත් කල අතර දැන උගත් ජනතාව විසින් කම්කරු වැඩ වර්ජනයක් ද දියත් කලේය. ශ්‍රී  ලංකාවේ නිදහස් අරගලයට ලැබෙන සහාය තව තවත් වැඩිව්ය.  1948 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. 1972  දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට සම්බන්ධ නොවන ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය

සම්ප්‍රදායන්

වසර ගණනාවක යටත්විජිතභාවයෙන් පසු, ශ්‍රී ලාංකිකයින් ජාතික දිනයේදී තම සංස්කෘතික හා ජාතික අනන්‍යතාවය සමරයි.

  • සංගීතය

ජාතික දිනයේදී ශ්‍රී ලාංකිකයින් හා සංචාරකයින්  සාම්ප්‍රදායික සංගීතයෙන් විනෝද වෙති. මෙම සාම්ප්‍රදායික සංගීතය සමඟ වර්ණවත් නර්තනයන්ද ඉදිරිපත් කරයි .ශ්‍රී ලාංකේය සංස්කෘතිය ගැන හැදෑරීමට මෙය මහඟූ අවස්තාවකි.

  • දේශන සහ කමිටු සාකච්ඡා

ජාතික දිනයේදී විශ්වවිද්‍යාල වල විවිධ දේශන පැවැත්වේ . මෙහිදී ශ්‍රීලංකාවේ ඉතිහාසය, යටත්විජිත සමය, ස්වෛරීත්වය වැනි මාතෘකායට තේ දේශන පවත්වයි.

  • ආහාර හා තේ

ජාතික දිනයේදී ශ්‍රීලාංකිකයින්ට හා සංචාරකයින්ට විවිධ ආහාර නියැඳි සහ තේ ලබාදීම සාමාන්‍ය සිරිතකි. මේවා සාම්ප්‍රදායික ආහාර, පළතුරු සහ ධාන්‍ය වර්ග වලින් සමන්විතවේ. මෙම ආහාර සමග තේ ද සැපයෙන අතර ඒ ගැන පුදුම නොවිය යුතුය.

  • පෙළපාලි

බොහෝ ශ්‍රීලාංකිකයින් හමුදා පෙළපාලි වලට සහභාගීවීමෙන් සහ ජාතික ධජ ඔසවමින් සිය දේශප්‍රේමිත්වය පලකරයි.

  • ජනාධිපතිවරයා ජාතිය ඇමතීම

සෑම වසරකදීම ශ්‍රී ලංකා  ජනාධිපතිවරයා හමුදාවන් අගය කරමින් සිය තිය අමතයි. ඔහු සෑම විටම රටේ දියුණුව හා අනාගත අභියෝග ගැන ප්‍රකාශ කරයි.

ජාතික දිනයශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නිසා ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ස්වෛරීත්වය සහ ඉතිහාසය සැමරීමට ඉඩ ලැබේ

පසුගිය වසර

අවුරුදුදිනයදවසනිවාඩු දිනය
20244 පෙබරවාරිඉරිදානිදහස් දිනය
20234 පෙබරවාරිසෙනසුරාදා නිදහස් දිනය